
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පස්වරුවේ පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉවත දමා අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට මුවාවී ස්ථානාධිපතිවරු සේවය හැර යෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු හිටපු ස්ථානාධිපතිවරු බවත් ඒ මහතා පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බව කී ඒ මහතා දුම්රිය ස්ථානාධිපතිවරු 922 ක නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බව ද සඳහන් කළේය.



(ඡායාරූප -ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර බූරුවෙකුට දුන්නා නම් මීට වැඩිය හොඳට කරයි.
ඔබලාගේ වුර්තිය ඉල්ලීම් සඳහා වන සටනට ජයවේවා. ඔය තර්ජන ගර්ජන දමන ගස්බල්ලන්ට තව ටික දිනකින් මහපාර තමයි.
ඔන්න රජය හමුදාව දාලා පෙන්නන්න දැන් මෙයාලා මට්ටු කරන්න, නැතුව මේක කරන්න බැහැ...
සටන පාවා නොදී දිගටම වර්ජනය ගෙනියන්න. අපිට අපහසුකම් ඇතිවෙනවා, රස්තියාදු වෙනවා. නමුත් ඔබලා මේ කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය, අයිතිවාසිකම් වෙනුවෙන් කරන උතුම් සටනක්... ජයවේවා.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා රනිල්ගේ ලණුවක් කාලා. අලි ඔලුවෙන් ඉන්නේ. බලමුකෝ කවුද මට්ටු වෙන්නේ කියලා. වර්ජනයට ජයවේවා...!
මේ අයත් දේශපාලුවන්ට දෙවැනි නෑ...
වරුණ, ඔයා හමුදාව දාලා බලන්නකෝ වෙනදේ. මේ අය ඉල්ලන්නේ ඒ අයට රජයෙන් පොරොන්දු වුණු දෙයක්. හමුදාව දමපු ගමන් දුම්රිය රියදුරන් වැඩ නවත්වනවා. මේ අයව "ආප්ප බානවා" වගේ හදන්න බැහැ. මේ අයගේ වෘත්තිය ඔය හැම ලපයි සිපයින්ටම කරන්න බැහැ. මිනිස් ජීවිත දහස් ගණනක් ආරක්ෂා සහිතව ගමනාන්තයට ගෙනියන වගකීම...
වර්ජනය කරන ගස්බල්ලන් මහපාරට වැටෙන්න ඕනෑ..
හමුදාවේ ඉන්නෙත් මේ වගේම පීඩාවට පත්වුණු ජනතාවගේ දරුවන් බව මතක තියාගන්න..
අපිට ටුවරිසම් වලින් ආදායමක් එන කාලේ විනාශ නොකර ඡන්දෙන් පස්සේ ඔයාලගේ ජනාධිපති කෙනෙක් පත්වුනාම ප්‍රශ්නේ විසඳාගන්න.
බඩේ අමාරුව වගේ හැමදාම වර්ජන... වෘත්තිය සමිති අටවාගෙන හැමදාම මේවා තමයි කළේ. ජේ. ආර්. දීපු උත්තරේ දුන්නා නම් කට්ටියම ඉගෙන ගනී පාඩමක්...!
මුන්ට පාඩමක් උගන්වන්න රනිල්ට චන්දෙ දෙන්න
. රට වැටිලා තියෙන වෙලාවේ අමානුෂික විදියට වැඩ වර්ජන කිරීමෙන් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ සාමාන්‍ය ජනතාව නොවෙද?