(පාලිත ආරියවංශ)

උගුරේ ගලක් හිරවී ලේගලමින් සිටි දින 10 ක බිළිදු දරියක් බදුල්ල මහරෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි.

මෙම අවාසනාවන්ත සිදුවිම සිදුවී ඇත්තේ බඹරපාන සිසිල්පැන්කඳුර ගම්මානයේදී නිවසකදී බව පොලිසිය සඳහන් කළේය.

මව විසින් දැරිය නාවා ඇදමත තබා එළියට ගිය අවස්ථාවේ මේ සිද්ධියට දැරිය ය මුහුණ පාඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

උගුරෙන් ලේ ගලමින් සිටි දැරිය වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහා ‍රෝහලට යවා ඇති අතර එහිදි සැත්කමක් මගින් උගුරේ හිටවූ තිබූ ගල ඉවත් කර තිබේ. කෙසේ නමුත් දරුවා මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම දැරියගේ මව මානසික රෝගයකින් පෙලෙන අතර ඇයද රෝහල් ගත කර ඇති බවත් මරණය පිළිබදව අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය මත හදිසි මරණ පරීක්ෂණයකට ලක්කිරීමට නියෝග කර ඇති බවද පොලිසිය පැවසීය.