
(අංජුල මහික වීරරත්න)
රජයේ අරමුණ විය යුතු වන්නේ බන්ධනාගාරයට පුද්ගලයින් යොමු වීම අඩු කිරීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
දුප්පත්කම නිසා බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩි වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ 27 වන ජාතික සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ 8, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතන නගරෝදය ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්විණි.
"වත්මන් රජයේ අරමුණ රටේ සමාජ සාධාරණත්වය තුළින් ආර්ථික දියුණුව ඇති කිරීමෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව අඩු කිරීමයි. බන්ධනාගාර ගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පහසුකම් ඇති කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමානයි. රජයක් ලෙස නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් සමානාත්මතාවය යුතු රටක් නිර්මාණය කරනවා යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1918
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුප්පත්කම නිසා හිරගෙට එන ගාන වැඩිවෙලා
ගුණරත්න Monday, 15 September 2025 12:55 PM
ඔය ඉතින් පිළිගත්තා දුප්පත්කම වැඩි වෙලා කියල. අස්වැසුම කියල නිකම් සල්ලි බෙදන එකත් වැඩි ඒකම තමයි හේතුව. හැබැයි ඉස්සර කිව්වා අපි නිකන් පැලැස්තර විසඳුම් ගේන්නේ නැහැ ප්‍රශ්නේ හොයල විසඳුම් දෙනවා කියල, එත් කෝ විසඳුම්? හිටපු ජනාධිපතිවරු, මන්ත්‍රීලාගේ විශ්‍රාම දීමනා කපන එකද විසඳුම?
කුකුල් චමින්ද Monday, 15 September 2025 02:22 PM
දුප්පත්කම වැඩිවෙලා? වෙන්න බෑ ගුණපාලයෝ... පසුගිය දවස්වල රිමාන්ඩ් එකට ගියේ මේ මං වාගේ දුප්පත් එවුන්ද? නෑ.. රටම උලාකාපු තක්කඩි හැතිකරේ...තවත් එවුන් පෝලිමේ ඉන්නවා රිමාන්ඩ් එකට යන්න. උන්ට තිබිච්ච වරප්‍රසාද චුට්ටක් කපලා ඔවුන්ගේ අසුචි සෝදන්නේ නැති දුප්පත් අහිංසක මිනිස්සුන්ට දෙනඑක දැනට තාවකාලික විසඳුමක් විතරයි. ඒක තේරෙන මට තියෙන මොළෙන් කලඳක්වත් ගුණපාලයාට නැති එකනේ ලෝක පුදුමේ. හැබෑටම රටම උලාකාපු තක්කඩි හැතිකරේගේ කක්කා හෝදන එවුන්ට මොළේ කලඳක්වත් නැතිඑක මට අමතක වුණා කියහන්කෝ...
දිමුත් Monday, 15 September 2025 03:02 PM
ඕවා වෙනකොට තව දශක කිහිපයක්වත් යයි.
fairoos Monday, 15 September 2025 05:27 PM
දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ වංචාව සහ නාස්තිය NPP ආණ්ඩුවෙන් නැතිවේගෙන එනවා රට නිකන්ම සංවර්ධනය වෙයි.