IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දැන් තෝරු-මෝරු අහුවෙන කාලේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දැන් හාල්මැස්සො නොව තෝරු මෝරු අහුවෙන කාලය බවමහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දූෂණයට විරුද්ධ වීම භයානක බවත් දූෂණයට විරුද්ධ නොවී සිටීම ඊට වඩා භයානක බවත් අනුර දිසානායක ජනාධිපති  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අමතමින් ප්‍රකාශ කළා.එය අප නැවත අවධාරණය කළ යුතුයි.අපි දේශපාලන පලි ගැනීම් කරනවා යැයි චෝදනා කරනවා.නමුත් ඇත්ත ඒක නෙමෙයි.මත්තල ගුවන් තොටුපොලේ මගින් පර්යන්තය එක  ආණ්ඩුවක් නෙළුම් පොහොට්ටුවක හැඩයකට හදන්න තීරණය කළාම ඊට පස්සේ ආණ්ඩුව ඒක අරලිය පෙත්තක හැඩයකට වෙනස් කරන්න තීරණය කරලා. ඒවට මිල ගෙවන්නෙ කවුද? මේ රටේ ජනතාවගේ සල්ලි.මිනිස්සු පාරට ඇදගෙන වැටුනේ මේ දේවල් නිසා.  කෝප් එකට උත්තර බඳින්න ඕන අය කලින් ආණ්ඩු වල  කෝප් එකේ තනතුරු වල වාඩි වෙලා හිටියා.දැන් හාල්මැස්සො නෙමෙයි තෝරු මෝරු අහුවෙනවා.ඒකට අදාල වැඩපිළිවෙලා ඉතා සාර්ථකව අප කරගෙන යනවා යනුවෙන්ද මනුවර්ණ මහතා කීය.



අදහස් (12)

දැන් තෝරු-මෝරු අහුවෙන කාලේ

ගුණරත්න Friday, 26 September 2025 02:56 PM

රජයේ ලොකුම මෝරෙක් ඉන්නවා... නීතියේ දැල් දාලා අල්ලන්න බැහැ. තව ඉන්නවා මෝරු, තමන්ගේ වත්කම් ප්‍රකාශ නොදුන්නු අය, ඒ පිරිසට නියෝජ්‍ය කතානායකත්, තව ඇමැති, නියෝජ්‍ය ඇමැති 11 දෙනෙක් ඉන්නවා. පොඩි මෝරු 31 දෙනෙක් වත්කම් ප්‍රකාශ දීලා නැහැ...

:       23       26

කෞෂිFriday, 26 September 2025 03:22 PM

කුණුරත්න, කියවීමේ හැකියාව තව ගොඩාක් දියුණුකරගන්න. නැත්තං මල්ල කොහෙද, යන්නෙ පොල්.

:       15       22

Asela Friday, 26 September 2025 03:15 PM

මට අදහස් ලියන්නවත් ඕන නැති වැඩකට නැති චරිත

:       10       22

Mohan Friday, 26 September 2025 03:23 PM

Gunarathna කුඩු කාරයින්ට කඩේ යන්න එපා බන්

:       16       21

sene Friday, 26 September 2025 03:34 PM

ඔය අලුත් කෝටිපතියන් ගේ වත්කම්ද ?හිඟකමනෙන් සිනමන් ගිය ඈයෝ ගැන වෙන්ටැති මයේ හිතේ .

:       4       18

චමින්ද Friday, 26 September 2025 03:47 PM

මාලිමා තෝරු මෝරු වතුර රත්වෙනකම් රඟනවා. දැන් තමුන් පදිංචි රිලා දූපතේද? රිලව් ගනින්න ගත්ත සල්ලි කෝ?

:       8       23

ගුණරත්න Friday, 26 September 2025 04:25 PM

මොහාන් මහත්තයා මට කියා තිබෙනවා කුඩු ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්න කියලා. ඒත් මම කොතැනකද එහෙම පෙනී හිටියේ කියලා දැනගන්න කැමැතියි. මම කියා තිබෙන්නේ උසස් තනතුරු දරන්නන් වන මැති ඇමැතිවරුන් හිතාමතා තමන්ගේ වත්කම් එළිදරව් නොකිරීම වංචාවකට අර අර ඇඳීමක් වෙන්න පුළුවන් කියයි. ඇයි වත්කම් හංගන්නේ? මොකක් හරි සැක කටයුතු මාර්ගයකින් වත්කම් උපයාගෙන තිබෙනවාද? තවත් දෙයක් නම් මේ නීති ගෙන ආවෙත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මගින් තමයි. නැතිව ජවිපෙ කරන ලද ප්‍රතිසංස්කරණ හෝ නීති නොවෙයි.

:       5       16

Jothi Friday, 26 September 2025 04:30 PM

බොරුවට අන්දලා... ලැම්බො ගිනියක් ඉල්ලලා මාලිමා වහල්ලු ටික රැවැට්ටුවට අපිනම් අහුවෙන්නේ නෑ.

:       3       20

Mohan Friday, 26 September 2025 05:49 PM

ගුණරත්න, වත්කම් හෙළි නොකරන අයට එරෙහිව නීතියට යන්න. ඒ අවුරුදු 70ක් රට කාපු හොරු..., කුඩු කාරයෝ, බැංකු මංකොල්ල කාපු... අයට කඩේ යන්නේ... ලැජ්ජා වෙන්න මනුස්සයෙක් හැටියට.

:       2       1

මහසෙන් Friday, 26 September 2025 06:12 PM

තෝරූ මෝරු විතර ද? රිලව්, දඩු ලේන්නු එහෙම අහුවුනේ නැද්ද?

:       0       3

Nandana Friday, 26 September 2025 07:19 PM

මෙලෝ රහක් නැහැ...

:       1       16

Lakmal Friday, 26 September 2025 11:55 PM

ගංජා පප්පා, නුවරින් පත් වුණා කියන්නත් ලැජ්ජයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1755 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site