
(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
එම අමාත්‍යංශය දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,200 ක් නිකුත් කළ ද එය ප්‍රමාණවත් නොවන බවත් ඇතැමුන්ට විදේශ ගමන් බලපත්‍ර ගැනීමට මාස තුනක පමණ කාලයක් ගතවීම පිළිබඳව අවදානය යොමු කර මෙසේ දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට තීරණය කළ බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් පාස්පෝට් ගත්තු අය වෙන රටවල් වලට යනවා නම් ලංකාවේ කවුරුත් ඉතිරි නෙවෙන්න ඕනෑ. මේක සාමාන්‍ය ජනතාව හදාගත්තු රැල්ලක් වගෙයි පේන්නේ..!
අනේ කිය කිය ඉන්නේ නැතිව කරන්නකෝ මිනිස්සු නිකන් රස්තියාදු කරන්නේ නැතිව...
ලංකාවේ ජනගහනය මිලියන 22ක් වෙනවා. අවම වශයෙන් මිලියන 10කට පමණ පාස්පෝර්ට් තිබෙනවා. මේවා වලංගු වසර 10කට පමණි. ඉන්පසු අලුත් කරන්න වෙනවා. පාස්පෝර්ට් අවලන්ගු වෙන දින වකවානු දෙපාර්තමේන්තුව දන්නවා. පාස්පෝර්ට් එකක් දෙන්න රුපියල් 10000 ගන්නවා. ඒකේ මුද්‍රණ වියදම ඩොලර් 5 ක් නොහොත් රුපියල් 1400ක් පමණ වෙනවා.. දැන් ඒකට තව රුපියල් 450ක් පමණ එකතු වෙනවා. නිලධාරීන්ගේ වේතන සමග ගන්න බැලුවාම පාස්පෝර්ට් එකක් නිකුත් කරන්න රුපියල් 2500 පමණ වියදම් වෙනවා. රජයට සාමාන්‍ය පාස්පෝර්ට් එකෙන් රුපියල් 7500 සහ එක්දින පාස්පෝර්ට් එකෙන් 17500ක ලාභයක් තිබෙනවා. උසාවි අවසරය අරන් අවශ්‍ය පමණට කල් ඇතිව පාස්පෝර්ට් ඇනවුම් කර, වෙන දෙපාර්තමේන්තුවක වැඩිපුර සිටින නිලධාරියෝ හරි අරන් මේ වැඩේ මිනිස්සුන්ට රස්තියාදු නොවන ආකාරයට තව මාස 2-3 තුළ ආණ්ඩුවට කරගන්න බැරිනම් ආණ්ඩුව ෆේල්...!
2024 ජූලි ඉල්ලපු ගමන් බලපත්‍රය තාම ලැබුනේ නෑ. මාස හයකට වැඩියි. මෙහෙම වූනේ කොහොමද? මීට පෙර ගමන් බලපත්‍රය සති දෙකෙන් සාමාන්‍ය සේවය යටතේ ගෙදරට තැපෑලෙන් ආවා. මෙහෙම හානියක් කළ කාලකන්නින්ට දඬුවම් නැතිද? හැමෝටම ගමන් බලපත්‍රය තිබිය යුතුයි. රට රැකියාවලට යන්න විතරද ඒක ඕනෑ කියලා හිතන්නේ.