IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දිනකට පාස්පෝට් 2,500 ක්

(යොහාන් භාසුර)

ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

එම අමාත්‍යංශය දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,200 ක් නිකුත් කළ ද එය ප්‍රමාණවත් නොවන බවත් ඇතැමුන්ට විදේශ ගමන් බලපත්‍ර ගැනීමට මාස තුනක පමණ කාලයක් ගතවීම පිළිබඳව අවදානය යොමු කර මෙසේ දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට තීරණය කළ බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය. 

 



අදහස් (5)

දිනකට පාස්පෝට් 2,500 ක්

රම්බොඩ Tuesday, 14 January 2025 02:42 PM

මේ තරම් පාස්පෝට් ගත්තු අය වෙන රටවල් වලට යනවා නම් ලංකාවේ කවුරුත් ඉතිරි නෙවෙන්න ඕනෑ. මේක සාමාන්‍ය ජනතාව හදාගත්තු රැල්ලක් වගෙයි පේන්⁣නේ..!

:       9       26

fairoos Tuesday, 14 January 2025 03:06 PM

අනේ කිය කිය ඉන්නේ නැතිව කරන්නකෝ මිනිස්සු නිකන් රස්තියාදු කරන්නේ නැතිව...

:       7       14

de silva berlin Tuesday, 14 January 2025 06:09 PM

ලංකාවේ ජනගහනය මිලියන 22ක් වෙනවා. අවම වශයෙන් මිලියන 10කට පමණ පාස්පෝර්ට් තිබෙනවා. මේවා වලංගු වසර 10කට පමණි. ඉන්පසු අලුත් කරන්න වෙනවා. පාස්පෝර්ට් අවලන්ගු වෙන දින වකවානු දෙපාර්තමේන්තුව දන්නවා. පාස්පෝර්ට් එකක් දෙන්න රුපියල් 10000 ගන්නවා. ඒකේ මුද්‍රණ වියදම ඩොලර් 5 ක් නොහොත් රුපියල් 1400ක් පමණ වෙනවා.. දැන් ඒකට තව රුපියල් 450ක් පමණ එකතු වෙනවා. නිලධාරීන්ගේ වේතන සමග ගන්න බැලුවාම පාස්පෝර්ට් එකක් නිකුත් කරන්න රුපියල් 2500 පමණ වියදම් වෙනවා. රජයට සාමාන්‍ය පාස්පෝර්ට් එකෙන් රුපියල් 7500 සහ එක්දින පාස්පෝර්ට් එකෙන් 17500ක ලාභයක් තිබෙනවා. උසාවි අවසරය අරන් අවශ්‍ය පමණට කල් ඇතිව පාස්පෝර්ට් ඇනවුම් කර, වෙන දෙපාර්තමේන්තුවක වැඩිපුර සිටින නිලධාරියෝ හරි අරන් මේ වැඩේ මිනිස්සුන්ට රස්තියාදු නොවන ආකාරයට තව මාස 2-3 තුළ ආණ්ඩුවට කරගන්න බැරිනම් ආණ්ඩුව ෆේල්...!

:       1       27

SujeewaTuesday, 14 January 2025 07:54 PM

ඔබ කෙසේද රුපියල් 1,100 ක් ලෙස දෙපාර්තමේන්තු ගාස්තු ලෙස සැලකුවේ? පඩි පමණක් නොව - කාර්යාලීය වියදම් ලෙස ගොඩනැගිල්ල, වැසිකිළි, පිරිසිදු කිරීම්, ආරක්ෂක වියදම්, විදුලි වියදම්, දුරකතන වියදම්, වතුර, ලිපි ලේඛන, දත්ත ආරක්ෂා කිරිම්, පරිගණක වියදම්, මේස සහ පුටු, නිලධාරින් නොවන අනිකුත් සේවකයින්, ආදී කිවු සහ නොකිවූ සියලු වියදම් ජනනය වන්නෙත් - විය යුත්තේත් ඔබ කියනා රුපියල් 10,000 පමණි. එයට අමතරව, ආයතනයේ පවත්වාගෙන යාමට ලාබයක්ද ලැබිය යුතුයි.

:       2       4

Lalla Tuesday, 14 January 2025 11:59 PM

2024 ජූලි ඉල්ලපු ගමන් බලපත්‍රය තාම ලැබුනේ නෑ. මාස හයකට වැඩියි. මෙහෙම වූනේ කොහොමද? මීට පෙර ගමන් බලපත්‍රය සති දෙකෙන් සාමාන්‍ය සේවය යටතේ ගෙදරට තැපෑලෙන් ආවා. මෙහෙම හානියක් කළ කාලකන්නින්ට දඬුවම් නැතිද? හැමෝටම ගමන් බලපත්‍රය තිබිය යුතුයි. රට රැකියාවලට යන්න විතරද ඒක ඕනෑ කියලා හිතන්නේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site