IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට

යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති නිල නිවසේ ඇති වුණු උණුසුම්කාරී තත්ත්වයකින් පසුවය.

යූන් සුක් යූල්, යුද නීතිය ප්‍රකාශයට පත් කරද්දී, එය පක්ෂ විපක්ෂ සැමගේ විරෝධයට හේතුවක් විය. දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන ඒම සිදුවූයේ ඉන් පසුවය. යූන් සුක් යූල් එයින් පරාජය වූ අතර ඔහුගේ ජනාධිපති බලතල අත්හිටුවීම සිදුවිය. යූන් සුක් යූල් නියෝජනය කරන්නේ ‘ජනතා බලය’ පක්ෂයයි.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ තවත් දූෂණ චෝදනා මුල්කොට ගනිමින් යූල්, අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණු නමුත් අවස්ථා කීපයකදී එය කළ නොහැකි විය.

කෙසේ නමුත් අද (15) උදෑසන, අධිකරණය නිකුත් කර තිබුණු වරෙන්තුවට අනුව ක්‍රියා කරමින්, දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී, ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් සමඟ ගැටීමෙන් ද පසු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේය.  

‘ජනතා බලය’ පාක්ෂිකයන්ගෙන් බාධා එල්ල වෙද්දී, දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද ඉනිමං යොදා ගනිමින් ජනේලවලින් පවා ජනපති නිවසට ඇතුළු වුණු බව ද පැවැසෙයි. දකුණු කොරියාවේ ජනාධිපතිවරයකු මේ අයුරින් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට

පම්පෝරි ජනක Wednesday, 15 January 2025 09:29 AM

අපේ කජු සීයා තව අවුරදු කිහිපයක් බලයේ හිටියා නම් එයත් යන්නේ ඔහොම තමයි

:       15       19

fairoos Wednesday, 15 January 2025 05:51 PM

ගෝඨාභය අවුරුදු 2ක් කරලා පස්ස දොරෙන් දිව්වේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 254 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site