
(මනෝප්‍රිය ගුණසේකර)
ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දී තිබු රුපියල් ලක්‍ෂ 4 1/2කට අධික වටිනාකමැති සන්නිවේදන භාණ්ඩ කීපයක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු වු තුසිත හල්ලොලුව මහතාගේ ඇප අවලංගු කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ජුනි 02 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට අද (30) නියම කළාය.
සැකකරු දණ්ඩ නීතී සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවට මුල් අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන් කොටුව පොලිසියේ නිලධාරීහු සැකකරු කර ඇති වරද පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව දැනුම් දෙමින් කළ ඉල්ලීක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරීන් නිසි අන්දමින් විමර්ශන කර ඇද්ද? යන්න පිළිබඳ වහාම පරික්‍ෂණයක් පැවැත්වීමටද මහේස්ත්‍රාත්වරිය නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියම කළාය.
සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක අධිකරණයට බාරවීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරුණු සැකකාර තුසිත හල්ලොලුව මහතා නඩුව යළි කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුසිත හල්ලොලුව රිමාන්ඩ්
යෝගා Friday, 30 May 2025 08:10 PM
මේවා කරලා තව කොච්චර කාලයක් නැව් රහස හංගන් ඉන්නද?
Perera Saturday, 31 May 2025 01:28 AM
කජු සීයා එක්ක... උජාරුවට හිටියට බලාගෙන ගියාම බොල් ඔලුවක්නේ...
Gamini Saturday, 31 May 2025 01:31 AM
දැන්නම් ඉතින් කතා නොකරන තරමට හොඳයි. නැතිනම් මොකකට හරි පටලවලා ඇතුළේ.
Nirmal Saturday, 31 May 2025 11:13 AM
දැන්නම් අන්තිම බංකොළොත් වෙලා ඉන්නේ...
peeeeprasa Saturday, 31 May 2025 11:20 AM
සන්නිවේදන භාණ්ඩ යනු ටෙලිෆෝන්, ජංගම දුරකථන... ඉතින් මේ වගේ නිලයක් දරන පුද්ගලයෙකුට මේ වගේ වරප්‍රසාද තියෙන්න ඕනෑ. මේවා දේශපාලන පළිගැනීම් ... හේතුව රටම දන්නවා... ලැජ්ජයි.