IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ත්‍රි’මලේ රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව 2017 වර්ෂයේදී ප්‍රදානය කර ඇති නමුත්, කොන්ත්‍රාත්කරුගේ දුර්වල ප්‍රගතිය හේතුවෙන් 2019 වර්ෂයේදී එකී කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට කටයුතු කර ඇත. කොන්ත්‍රාත්තුව අවලංගු කරනු ලැබූ අවස්ථාව වන විට ගොඩනැගිල්ලේ වහලය දක්වා ඉදිකිරීම් කටයුතු නිම කර තිබූ බැවින්, එහි ඉතිරි ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මණින් අවසන් කිරීම වඩාත් යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ එම ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාක් කරුවකු තෝරා ගැනීම පිණිස නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ත්‍රි’මලේ රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site