IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තරුණයන්ට අතදෙන්න මැති සබයෙන් කමිටුවක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තරුණයින් අතර දක්ෂ හා නවෝත්පාදන ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීමට  සැලැස්මක් සකස් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

මෙම කමිටුව පත්කරනු ලැබඇත්තේ  තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ  ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කෙරුණු  අනු කාරක කාරක සභාව විසිනි.

ඒ එම අනු කාරක සභාව එහි  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය  09 වන දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද මෙම රැස්වීමට  සහභාගී විය.

මෙම කමිටුවට  ජාතික තරුණ සේවා සභාව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, රජයේ බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෝ ඇතුළත් වෙති.

දිවයින පුරා තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම කමිටුව රැස්වි  විශිෂ්ට ව්‍යවසායකයින් තෝරාගෙන ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වැඩසටහනක් සකස් කරන බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසුවේය.



අදහස් (0)

තරුණයන්ට අතදෙන්න මැති සබයෙන් කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 18 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site