
(එම්.සුසිල් ප්‍රියන්ත)
තරුණියකගේ නිරුවත් විඩියෝ පටයක් වට්ඇප් මගින් හිතවතුනට බෙදාහැරි හා එම විඩියෝ පටය ලඟ තබා ගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු පීඨයක සහ කාර්මික විද්‍යාලයක අධ්‍යාපන හදාරන සිසුන් දෙදෙනකු අද අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය කියයි.
අදාළ තරුණියකගේ ඥාතීන් සයිබර් අපරාධ ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව මේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව එම අංශය කියයි.
තිලකපුර ,අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි එක් සැකකරු සිසුවා පෞද්ගලික විශ්ව විද්‍යාල මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හදාරන අතර අනෙක් සැකකාර සිසුවා එම ලිපිනයේම පදිංචි එම වයසේම අයකු බවත් ඔහු ඔරුගොඩවත්ත ආයතනය ඔටෝ මොබයිල් පාඨමාලාවක් හඳාරන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කම ඔය තරුණිය තමන්ගේ නිරුවත් විඩියෝ පටයක් තව කෙනෙකුට ලබා දුන්නේ ඇයිද යන්නත් සොයා බැලිය යුතුයි.
දැන් කාලේ තරුණියන් තමගේ ආදරය ප්‍රකාශ කරන්නේ තම නිර්වස්ත්‍ර ඡායාරූප පෙම්වතාට එවලා. අපේ කාලේ නම් අපි දුන්නේ චොකලට් එකයි ලෙහෙංසුයි.