
(අංජුල මහික වීරරත්න)
විධිමත් සාකච්ඡාමය විසඳුමකට එළඹෙන්නේ නැතිව කරන තැපැල් වැඩ වර්ජනය කිසිසේත් අනුමත කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙන අතර ඒ ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.
"තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ පාඩුවට. අපිට දැන් අවශ්‍ය කරන්නේ මීට අවුරුදු එකසිය ගාණකට කලින් තිබුණ තැපැල් දෙපාර්තමේන්තුව නොවේ.තවත් වාණිජ ආයතන ගණනාවක් සමග තරග කළ හැකි නවීකරණය කළ තැපැල් දෙපාර්තමේන්තුවක් අපට අවශ්‍යයි.
තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලැබුවොත් තමයි භාණ්ඩාගාරය හරහා රටට වාසියක් අත්වෙන්නේ. තැපැල් දෙපාර්තමේන්තුවට විශ්වාසයක් කීර්තිනාමය ආරක්ෂා කරගැනීමට විශාල මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා.
මෙවැනි වැඩ වර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුවට හෝ තැපැල් සේවයට කිසිදු වාසියක් නෑ. වෙන්නේ තවත් අඩියක් දෙකක් පස්සට යන එක. ඒ නැති වුණ විශ්වාසය යළි අත්පත් කරගන්න තවත් කාලයක් ගත වෙනවා.
සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි. නිරන්තරයෙන් අපි අදහස් හුවමාරු කරගන්නවා. මේ විටින් විට සිදුකරන වැඩවර්ජන නිසා ඇත්තටම තමන්ගේ සේවයටම හානියක් කරගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයියනායක අංක 2 මේ. ඒ දවස්වල සේවකයෝ කුලප්පු කරලා වර්ජන කරවන කොට ඕවා තේරුම් ගන්න බැරි වෙන්න ඇති නේ ද බබාට. බොරුවෙන් උපන් අය විනාශ වෙන්නෙත් බොරුවෙන්මයි.
දැන් තැපෑලෙන් කරන වැඩ කරන්න වෙනත් ආයතන සහ තාක්ෂණයන් තියෙනවා. ඉස්සර වගේ දැන් මනි ඕඩර් දාන්න ලොකු අවශ්‍යතා නෑ ඔන්ලයින් මුදල් හුවමාරුව හරි පහසුයි, කුරියර් සේවා තියෙනවා, සන්නිවේදනයටත් දැන් වෙන ක්‍රමවේද තියෙනවා ඕන තරම්. ඒ නිසා තැපෑල වෙනුවෙන් යොදන වියදම් සහ ඒ වෙනුවෙන් ඇති රාජ්‍ය සම්පත් වෙනත් ප්‍රයෝජනවත් දේවල් වලට යොදාගන්න ඕන.
එතකොට පැය 24ක් තුළ එක පෑන් පාරෙන් ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියලා ඡන්ද ගත්තේ බොරුවක් නේද? නැත්නම් අපි විශ්වාස කරලා ඡන්දෙ දුන්නේ වැඩ බැරි ටාසන්ලා රැලකටද?
අපිට නම් මතකයි පැය 24න් කොරනවා කියූ වැඩ ගැන. කයිතානෝලා ජීවිතයේ එකම දවසකවත් වැඩක් කරපු උන් නෙවේ නේ, ඉතින් උන් පච ඇද බෑවා අරම කරනවා මෙම කරනවා. දැන් කියනවා ක්ෂණික විසඳුම් දෙන්න බෑ ලු.