
(අංජුල මහික වීරරත්න)
නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් මෙරට තැපැල් සේවාව නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ලෙස ගොඩනැගීම රජයේ සැලසුම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය පැවසුවාය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය මම තමයි නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය.
නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.
ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනූව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමුකර ඊට අදාල සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සදහා මෙම පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන තිබුණි.
තැපැල් දෙපාර්තුමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට පියවර ගෙන ඇති බව ද ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහි දී පැවසුවාය.
මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව වසර 200 කට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරිය තැපෑල සංවර්ධනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයට ද රුකුලක් ලැබෙන බව ද පැවසුවාය.

2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තැපෑලට ඉදිරි පිම්මක් ගන්නවා