
(රෝෂන් තුෂාර)
ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(21) වරෙන්තු නිකුත් කළාය.
ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ට නොතීසිද නිකුත් කළාය.
ඩයනා ගමගේ මහත්මිය ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ අතර නඩුව කැඳවන අවස්ථාවේදී වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙකු ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා , නඩුවේ පළමු සාක්ෂිකාර පැමිණිලිකරු අධිකරණය පෙනී සිටීයේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනාට වරෙන්තු
ravin Thursday, 21 August 2025 11:23 AM
ත්‍රෛෙලා්ක විජයපත්‍ර භාවිතය වැඩි වෙලා...
මාලිමාපෙන්දා Thursday, 21 August 2025 11:25 AM
ඊයෙ මෙයා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා මං හිතන්නේ. හැම කෙනෙකුටම එහෙමයි. ඒ තමයි විදිහ.
Angna Kouross Thursday, 21 August 2025 12:01 PM
මහින්ද, රනිල්, සජිත්, සරත් -- මේ කවුරුහරි හිටියනන් මෙයාට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ.
කෝරලගේ Friday, 22 August 2025 09:43 AM
සහතික ඇත්ත. මහින්ද,රනිල්,සජිත්...මේ සෙට් එක රට කාපු කම්බ හොරුනේ.ඔය සෙට් එක බලයට එන්න ඕන මජර වැඩක් කරනවා.අපේ ඡන්දෙ මාලිමාට දුන්න එක ගැන මොනතරම් සතුටු වෙනවාද.
prasanna Thursday, 21 August 2025 04:01 PM
රජයත් එක්ක joint එකෙන් වැඩේ ශේප් කරගන්න බැරිවෙලා.
සංඛා Thursday, 21 August 2025 04:01 PM
මෙයා හොඳ හෙරක්.ලංකාවේ පුරවැසි භාවය නැතුව කපටි රනිල්ගෙ ඇඟේ එල්ලිලා හොරෙන් පාර්ලිමේන්තු රිංගගෙන හොර විජ්ජාවක් දාගෙන බැලුවා ගේමක් ගහන්න. වැඬේ හබක් වුණා.මොන තරම් කැතද පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක මේ වගේ අමු වංචා දේවල් කරන එක.
Perera Friday, 22 August 2025 12:48 AM
මැයගේ හැදියාව රටටම පෙන්නුවා පාර්ලිමේන්තුවේදී ගෝරිය දාගත්තු වෙලේ.
Perera Friday, 22 August 2025 06:06 AM
මෙයත් අධිකරණය මග ඇරියොත් ලවුඩ් ස්පීකර් සන්දර්ශනයක් දකින්න ලැබේවිද?