IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි

(කේ බුද්ධික කුමාරසිරි)

විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් ළඟ තබාගෙන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

අතුරුගිරිය පොලිසියේ අපරාධ නිවාරණ මෙහෙයුම්වල නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින්  සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් සීයයක ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරුට අදාල හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ස්ථානය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳුම් නියෝගයක් මත සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මෙම ගිනි අවි උණ්ඩ තොගය සහ තියුණු ආයුධය සොයාගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.



අදහස් (0)

ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site