
(ප්‍රසාද් රුක්මල්)
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව සහ පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී වෙන්වී සිදුවන්නට ගිය මහා අනතුරක් මගියෙක්ගේ අවදානය නිසා නිසා වැළකී ගියේය.
එස්.12 වර්ගයේ බලවේග දුම්රිය එන්ජින් දෙකකින් සම්න්විත මෙම ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව සිට දහවල් 12.40 ට පමණ පිටත් බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එක්වරම පසුපස එන්ජිම දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් ඇත.
ඒ වනවිටත් පසුපස එන්ජිම නොමැතිව දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී මගියකු දුම්රියේ හදිසි දම්වැල ඇදීමත් සමග දුම්රිය අඩි 30ක් පමණ ඉදිරියට ගොස් නතර වී ඇත.
පසුව දුම්රියෙන් ගැලවී වෙන්වූ පසු පස දුම්රිය එන්ජිම යළි නවතා තිබු දුම්රිය අසලට ඇවිත් නතර වී තිබෙ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.