
(ප්‍රසාද් රුක්මල් )
ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෝල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරවල තඹ සහිත වයර් කපා සොරාගන්නා කල්ලියක පුද්ගලයෙකු වයර් කපමින් සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මොහු සන්තකයේ ගමන්මලු දෙකක දමා සඟවා තිබූ හොරෙන් කපන ලද වයර් රෝල් 13ක්, යකඩ කපන විශාල කටර් එකක් , යතුරුපැදියක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය .
රත්නපුර කහවත්ත පනාවැන්න අක්කර හත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .
සැකකරු බලංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට හදුනාගත් බව පොලිසිය පවසයි . ඔහු සමඟ සිටි තවත් අයෙක් සිද්ධිය වන අවස්ථාවේදී පැන ගොස් ඇති අතර ඔහු කළක් යුද හමුදාවේ සේවය කර ඇති අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි .
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රාන්ස්ෆෝමර් තඹ වයර් කැපූ අයෙක් මාට්ටු
Anura Ginawardane Sunday, 30 March 2025 06:04 PM
මෙම ගැටළු විසඳීමට හොඳම ක්‍රමය නම්, මෙම ලෝහ කොටස් මිලදී ගැනීමේදී මූලාශ්‍රය පිළිබඳව ගැනුම්කරු වගකිව යුතු බවට පත් කිරීමයි.
සෙනරත් Monday, 31 March 2025 11:03 AM
ජේවීපි එකෙක් වෙන්න ඇති...