
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළදී ගල් පැටවූ ටිපර් රථයෙන් බිමට වැටී රියදුරු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල හියාරේ , කදුරු ගස්හේන පදිංචිව සිටි එම් එච් සුජීව නැමැති 53 හැවිරිදි තිදරුපියකි.
මියගිය රියදුරු ඊයේ ඔහු පදවන ලද ටිපර් රථය ගල් මෝල කරා රැගෙන ඒමෙන් අනතුරුව මඳ වේලාවකදී ගල් පටවා නිමකර ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව මියගිය රියදුරු ගල්තොගය ආවරණය වන ටෙන්ට් රෙද්ද යෙදීම සඳහා ටිපරය මතට නැග එහි පිටුපසට වන්නට අවසන් කොටස එලමින් සිටියදී එකවරම උඩුබැලි අතට බිමට වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ සමගම ගල් මෝලේ සේවකයන් විසින් තුවාල ලද පුද්ගලයාව හොරණ මූලික රෝහල වෙත යොමු කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස්ව සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය
.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිපර් රියදුරු ටිපර් රථයෙන් වැටීමරුට