(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජින්තුපිටිය වරකාහන්දිය බාබර් සාප්පුවක් තුළට ටී 56 ගිනි අවියක් රැගෙන පැමිණි පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි.

යතුරු පැදියකින් වෙඩික්කරුවන් පැමිණ ඇති උඩුමහලේ පිහිටා ඇති බාබර සාප්පුව තුළට කඩා වැදි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙරළබඩ පොලිසියේ සමග පොලිස්‌ කණ්ඩායම් හතරක් විමර්ශන සිදු කෙරේ.