
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
2015 ආණ්ඩුවේ සිටි ජල සම්පාදන ඇමති පන්සියයක් දෙනා අනවශ්‍ය විදිහට ජල සම්පාදන මණ්ඩලයට බඳවා ගැනීම් කළ නිසා අම්පාරේ සහ නුවර ඔෆිස් වල සංගීත පුටු තරගයක් තිබෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජල සම්පාදන මණ්ඩලයේ පිරිවැය වැඩිවෙන්න මෙම බඳවා ගැනීම් ද හේතු වෙලා තියෙනවා.අනලා විනාශ කරපු ආයතන සියල්ල අපේ රජය මගින් ගොඩ ගන්නවා.
අප රට අර්බුදයට යන්න ප්‍රධාන හේතුවක් වන්නේ පහුගිය ආණ්ඩු ලබාගත් ණයයි.එම ණය හරියට ප්‍රයෝජනය නොගැනීම නිසා මේ ප්‍රශ්න ඇතිවී තිබෙනවා.ඇත්තෙන්ම ණය ගැනීම වරදක් නොවේ.ජල සම්පාදන මණ්ඩලයත් ණය ගැනීමේ කරුමයට කර ගහපු එක ආයතනයක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල සම්පාදනය බලන්නේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමතිද? අනවශ්‍ය විදිහට බඳවා ගත්තා කියන්නේ පිරිස් ප්‍රතිපාදන කීයද? අතිරික්තය කීයද? අනික පහුගිය කාලෙම රජයේ සේවයට බඳවා ගත්තෙ නෑනේ. ඒ නිසා මේ අතිරික්තය හරි ගියේ නැද්ද?