
(කේ .බුද්ධික කුමාරසිරි)
පාදුක්ක ,ලියන්වල , තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී ජීප් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ ධාවනය වූ දුම්රියක ගැටී ඇති බව මීගොඩ පොලිසිය පවසයි.
මෝටර් රථයේ රියදුරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට සුළු තුවාල ඇති බව රෝහල් ප්‍රකාශ යෙක් පැවැසීය.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ග ගගේට්ටුව කරු එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි
අනතුරට ලක් වූ දුම්රිය කැළිණි වැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාළයේ ධාවනය වන අවසන් දුම්රිය බවත් අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවූ බව පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වාහන, කෝච්චියක වැදිලත් ඉස්සරහ පොඩ්ඩක් තැලිලා විතරයි, කෝච්චියටත් අලාබ වෙලා. අපේ පොඩි ත්‍රී වීල් එක වැදුණා නම් එකේ කෑලිත් නැහැ. 4ක් 5ක් එලොව එක සැරේ යන්නත් වාසනාවක් පෑදෙයි.