
(අංජුල මහික වීරරත්න)
ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයට අද(30)පැමිණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රමුඛ එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.
හදිසි ආපදා තත්ත්වය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාවන් ප්‍රමුඛ අනෙකුත් සියලු අංශ සඳහා ආධාර ලබා දීම සඳහා අවශ්‍යතා හඳුනාගැනීමත් ආපදා තත්ත්වයන් හමුවේ ලබාදිය යුතු සහන පිළිබඳව කරුණු සොයා බැලීමත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආපදාවන් පිළිබඳ කරුණූ විමසීමත් මෙම නියෝජිත පිරිසේ මුලික අරමුණ විය.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කළේය. මෙම සාකච්ඡාවේ දී එම නියෝජිතයන් පිරිස මෙරට සෑම දිස්ත්‍රික්කයකම පවතින ආපදා තත්ත්වය පිළිබඳව ඉතා දීර්ඝව කරුණු සොයා බැලීමක් සිදු කළ අතර එම කරුණු ජපන් රජය වෙත දැනුම් දීමට ක්‍රියාකරන බව කීය.
එමෙන්ම මෙරට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබා දීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් අද (30) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බවත් ඔවුන් සොයා බලනු ලබන කරුණු පදනම් කරගෙන ඉදිරියේ දී අදාළ ආධාර සහ අවශ්‍යතා ලබාදීමට ක්‍රියාත්මකවන බවත් එම නියෝජිතයන් පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
මෙම ජපන් නියෝජිත පිරිසට ජපන් තානාපති කාර්යාලයේ Eguchi Miyuki, Yamamoto Yasuhito, Murata Shinichi, Tanaka Sachi යන මහත්ම මහත්මීහු සහ ජයිකා ආයතනයේ Matusunoshita, Anica Inda යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපන් ආපදා විශේෂඥ කණ්ඩායමක් ලංකාවට