
(සුජිත් හේවාජුලිගේ )
ඉහළ උසාවිවල විනිසුරුවරුන් පත් නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පැවසීය.
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යනු ලොකු චෝදනාවක් බවද ඔහු සඳහන් කළේය.
ඉහළ උසාවිවල විනිසුරුවරුන් නොපිරවීම ඇත්ත වශයෙන්ම දූෂණයක් බව හෙතෙම සදහන් කළේය
කවුරුත් නොදන්න දෙයක් කැබිනට්ටුවට දමා අනුමත කරගෙන ඇති බවත් මේ හදිසිය කුමක්දැයි තමාට නොතේරෙන බවත් අමරසූරිය මහතා පැවසීය.
ඉහළ උසාවි වල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාව ගෙන ඒමට පෙර තම නියෝජිතයන්ගේ අදහස් විමසන්නේ යැයි පැවසුවත් එයද නොකළ බව ඔහු සඳහන් කළේය.
ජනතාව මේ ආණ්ඩුව පත් කළේ අනෙකුත් ආණ්ඩු දූෂිතයි කියන පදනම මත සිට ගෙන බව පැවසූ හෙතෙම කවුරු එපා කිව්වත් ආණ්ඩුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යන්නේ කුමන හෝ වාසියක් බලාගෙන විය හැකි බවත් හෙතෙම සදහන් කළේය.
අමරසූරිය මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයා මෙසේ නීතිය මෙසේ අමු අමුවේ උල්ලංඝනය කිරීමට එරෙහිව ජනාධිපති ධූර කාලයෙන් පසු ජනපති මුක්තිය අවසන් වූ පසු නඩු දමා වරදකරු කිරීමට නොහැකිද?
ජනාධිපති ව්‍යවස්තාව කඩ කරලා නම් තැන තැන කෙදිරි ගන්නේ නැතුව අධිකරණය ඉදිරියට යන්න මහත්තයෝ, ඔයා නීතිඥ සංගමයේ සභාපති නේද ? මේ රටේ ජනතාව ආණ්ඩුවට චන්දය දුන්නේ එක එකාගෙන් අහලා රට පාලනය කරන්න නොවෙයි. හඬ ජාකොබ්ගේ උනාට අතඊ සොප්ගේ කියලා අපි දන්නවා. ඒ වගේම එකක් මතක තියා ගන්න නීතිඥයන්ට කියලා වෙනම වරප්‍රසාද හෝ ව්‍යවස්තාවක් නැහැ.
කුඩුකාරයන්ගෙන් ලැබෙන මිලියන ගණන් දීමනා දැන් ලැබෙන්නේ නැනේ. හිතට අමාරු ඇති. රූපවාහිනීවල කියවන්නේ නැතුව ගිහින් නඩුවක් දාන්න.
කලින් හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පව්ල් පව්ල් පාලනේ උන්, නීතීය හරියට අකුරටම පිළිපදිමින් වැඩ කරපු හැටි ලෝකෙම දන්නවා.දූෂිත දේසපාලුවන්ගේ ඕනෑකමට වැඩ කරපු නීතිඥයෝ ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
කරුනාකර ජනාධිපතිට නිදහසේ වැඩකරගෙන යන්න දෙන්න, මේ රටට ජනතාවට , අහිතක් වන දෙයක් මෙම රජය නොකරන බව ජනතාවට විශ්වාසයි . විනිශ්ච කරුවන්ගේ සේවා කාලය දික්කල යුතුමයි
කලින් හිටපු දූෂිතයෝ ටොන් ගණන් නීති කඩනකොට ඔයා ඔබ කොහෙද? එතකොට කෙන්දිරි ගෑවොත් එලොව තමයි. ව්‍යවස්ථාව තියෙන්නේ මහජන අවශ්‍යතා අනුව වෙනස් කරන්න මිසක්, දුමේ දාලා වේලන්න නොවේ
නඩු ප්‍රමාදය තිබෙන්නෙත් ආරම්භ වන්නෙත් පහළ උසාවිවලින් බවයි නිරීක්ෂණය වෙන්නේ. විනිශ්චයකරුවන් සේවයට බැඳීමේ අඩුවක්, අකමැත්තක් තියෙන බව පෙනෙනවා. ඒකට පිළියමක් කළ යුතුයි. රටේ අවරගණයේ සමාජ, සංස්කෘතික, දේශපාලන පද්ධති වෙනස් කිරීමටයි NPP වලට බලය දුන්නේ. උපයන ආදායමවත් හරියට නොපෙන්වන පරණ දූෂිත ක්රමයක දිගුවක් මේ බොහෝ ලෝයර්ලාට තියෙන්නේ. එගොල්ලෝ තමන්ට ආරෝපිත (ඉහළ) සමාජ බලය හා සටහන් නොමැති ආදායම පවත්වාගෙන යාම සඳහා වෙහෙසක් ගන්න බව පෙනෙනවා. යම් අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුවේ කිසිවෙකු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පුද්ගලික මට්ටමේ බලපෑම් කරන්නේ නැති බවයි නිරීක්ෂණය වෙන්නේ. අනෙක් අතට, අග විනිසුරුගේ දැඩි බව නිසා හා ඔහුගේ රුජු නොසැලෙන තීරණවලට නීතිඥයින් (ඉහළ යැයි කියාගන්නා) අකමැති බව පෙනෙනවා. සරත් සිල්වාට, මොහාන් පීරිස්ලා වගේ අපකීර්තිමත් නීති මෙහෙයවන්නන්ට එරෙහිව සංවිධානාත්මකව කිසිවක් Bar Association එක කළා කියලා මට මතක නැහැ. දැන් බොහෝවිට නීතිය හොඳට, ජනතා අභිලාෂයන්ට කුට්ටුවෙන්, වේගවත්ව වෙනස් වෙන බව පෙනෙනවා. රැක තවදුරටත් පවත්වාගෙන යන්න ඕනේ.