
(රෝෂන් තුෂාර)
කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයකුට අල්ලස් පිරිනැමුවේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිරාණි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි ලබන හය දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
අල්ලස් නඩුවකට වරදකරුවීමෙන් පසුව වසර දාසයක සිර දඬුවමක් විඳින සිය සැමියාට එරෙහිව පවතින තවත් අල්ලස් නඩුවක තීන්දුව ලබාදීමේදී අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයකුට මෙම අල්ලස් මුදලක් ලබා දීම වෙනුවෙන් සැකකාරීය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd