
(නිමල කොඩිතුවක්කු)
හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ.
ඒ අනුව 2008 වසරේ සිට 2024 වසර දක්වා කාලයේ ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ජනාධිපති අරමුදලින් මෙම මුදල් ලබා ගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22 ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබේ.
එම ගොනු වලට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනා විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10 කට අධික මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලීසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති අරමුදලට විද්ද මැති ඇමැති ගැන විමර්ශන සි.අයි.ඩීයට
බකල ජයා Thursday, 03 April 2025 09:06 AM
මේ අරමුදල තියෙන්නේ දුප්පතුන්ට උදව් කරන්න. ඉතිං ඔය අමාරුවෙන් ජීවත්වෙන, රටේ අනාගතයටම කැපවුණ, වෙලාවට කන්නෙ බොන්නෙවත් නැතිව ජනතාවටම සේවය කරන මේ අහිංසක මැති ඇමැතිවරුන්ට ඒ අරමුදලෙන් උදව් කරපුවම මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද....
අරවින්ද මොණරවිල Thursday, 03 April 2025 09:09 AM
රිලා සිරියෝ දැන් උබේ රැගුම් අවසන් කරන්න කාලය ඇවිල්ලා, ලැහැස්ති වෙලා හිටපං වැලිකඩ සිගිති පාර්ලිමේන්තුවේ රගන්න.
MalithThursday, 03 April 2025 05:35 PM
ඔයා නමින් මොනර රැගුම් දැම්මට ඒවා කරන්න ටිකක් අමාරු වෙයි හොදේ . මෙ 88/89 නොවෙයි බයකරලා බියවද්දලා ජනතාව පත්කරපු සජ්බෙ මන්ත්‍රිවරුන්ව පුලුවන්නම් දාලා පෙන්වන්න