
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කළේ නරක හීනයක් දැකලා දැයි හිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආර්ථිකයේ වත්මන් තත්ත්වය, මුහුණ දෙන අභියෝග,ඉදිරි ගමන් මාර්ග මෙන්ම ඉලක්ක සපුරාලීම ආදිය ගැන විද්‍යාත්මක පර්යේෂණ සාකච්ඡාවක් අප බලාපොරොත්තු වුණා.ජනපති ඇවිත් දීර්ඝ කතාවක් කළා.මම නම් හිතුවේ බොහොම නරක හීනයක් දැකලා එතුමා මේ සභාවට ඇවිත් කතා කළා වගේ. එතුමා කුරිරු හීන ගැන, කුමන්ත්‍රණ ගැන කතා කළා.ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරු බදු ප්‍රශ්නය ආපු විගසම රටක් ලෙස එකමුතු විය යුතු යැයි ජනපති ලේකම් කාර්යාලයට ගොස් විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂත් සමග අත්වැල් බැඳගෙන ජනපතිට අප කීවේ කුමක්ද? දේශපාලන වාද භේද අතැර මේ ගැටළුවේදී එකට හිටගන්නා බව අප කිව්වා. අප අඩුපාඩුකම් පෙන්වා දුන්නා.මම හිතන්නේ ජනාධිපති ලොකු ආතතියකින් පීඩනයකින් සභාවට ඇවිත් කතා කළා. මම දැක්කේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක්ගෙ කතාවක් යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් සජිත් දවසේම බොන්න හොඳ නැ නරක හින පේනවා
අනේ යන්න මෙයා යන්න
සජිත්ට නම් දැන් දවලුත් හීන පේනවා. රෑටත් පේනවා. හීන ලෝකෙක ජිවත් වෙන්න.
හරි හරි.. ඉස්සරවෙලා ඔයා අවදි වෙන්නකෝ...
විපක්ෂනායකතුමෝ, තමුන් නම් තුන්පාරක්ම රටේ ජනාදිපති වෙන්ඩ සිහින දැකපු කෙනෙක් බව නම් අපි හොන්දාකාරවම දන්නවා ..
නරක අනාගත සිහිනයක් ඒ යන දවස දැක
ඔයාට නම් හැමදාම නරක හීන පේනවා ඇති... අනුකම්පා කරන්න ඕනෑ පුද්ගලයෙක් ඔයා...
ඔබතුමා රටේ ජනාධිපති වෙන්න සුබ සිහින දැක දැක චිරත් කාලයක් ඉන්නකෝ...?
ආර්ථිකයට තත්වයක් ඇත්තෙත් නෑ, මුහුණදෙන අභියෝගයකුත් නෑ, ඉදිරි ගමන් මාර්ගයකුත් නෑ, ඉලක්ක සපුරාලීමකුත් නෑ, විද්‍යාත්මක පර්යේෂණ සාකච්ඡාවකුත් නෑ,... ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් !!!
සදා ලෝක පූජිත විපක්ෂ නායක. ඔයා ජනාධිපති හීනයේම ජීවත් වෙන්න.
පක්ෂයවත් හරියට සමගි කරගන්න බැරුවයි ඉන්නේ, පක්ෂය හෝදා පාලුවට යනකම් තමුන්ටත් හීන දකින්න වෙයි...
ජනාධිපති ඡන්දේ දිනන හීන මෙයාට දාවලටත් පේනවා ඇති දැන්.