IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂ වල නිෂ්පාදිත වාහන මීට ඇතුළත්ය. 

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ. 

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකි බව ජනාධිපති කාර්යාලය කියයි.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (5)

ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

chandare Friday, 09 May 2025 03:35 PM

ලාන්සර් කියන්නෙත් එක්තරා කාලෙකදී සැප වාහනයක් තමයි හැබැයි අද නෙවෙයි. අන්න ඒ වගේ තමයි මේ වාහනත්... මේවා පාරේ දුවන්න බැරි තරම් ගරාවැටුණු වාහන. එතැන තිබුණු හොඳ තත්වයේ වාහන සියල්ල මේ වනවිට ඔය මැති ඇමති ගොල්ලොයි නිලධාරියි බෙදාගෙන ඉවරයි. පස්ස තියන්න ඔච්චර ලොකු වාහන ඕනෑද කියපු ජනපති, අගමැති දැන් යන එන විදිහ කාට කාටත් පෙනෙනවානේ... වියට්නාම් ඉඳලා ප්‍රයිවට් ජෙට් එකක මහින්දවත් ආවේ නැහැ... හැබැයි අනුර ආවා. කාටද මේ බොරු කරන්නේ? ඔය ගැලරි චූන්කරන වැඩවලට මිනිස්සු රැවටුණු කාලේ ඉවරයි මිත්‍රයා...

:       6       13

kamalSaturday, 10 May 2025 07:38 AM

නූගත්කම රටට පෙන්වන්න එපා.

:       0       0

NPP Friday, 09 May 2025 05:01 PM

නොදන්නා මගුල් නොකියා හිටියා නම් මෝඩකම පේන්නේ නැත...

:       8       3

chandareSaturday, 10 May 2025 06:35 AM

NPP ඔහෙලා හිතාගෙන ඉන්නේ ඔහෙලා සියල්ල දත් කියලා. මේක ඔහෙලාගේ උපන්ගෙයි ලක්ෂණයක්... මෙන්න මේ උද්දච්චකම නිසා තමයි මෙවර ඡන්ද ලක්ෂ 23ක් නැතිකර ගත්තේ. ඔහොම යං. ආයේ 3%ට වැටෙන දවස වැඩි ඈතක නොවෙයි. පච කෙලීමයි, හොර ආචාර්ය උපාධියි, මෝඩකමයි, නොහැකියාවයි, උද්දච්චකමයි හැරෙන්න වෙන මොනවාද මහත්තයෝ ඔහෙලාගේ කණ්ඩායමේ තියෙන්නේ...?

:       0       0

ගුණරත්න Saturday, 10 May 2025 01:37 PM

ඔය ඔක්කොම වාහන ඒවායේ ප්‍රයෝජනවත් කාලය පැනපු අවුරුදු 20ක් විතර පරණ වාහන, නන්දලාල් මහත්තයා මේවා ඇසට් කිව්වාට ඇත්තටම මේවා ගන්න උන් නට්ටන් වෙන වාහන. ඔය ආණ්ඩුවේ භාවිතා කරපු වාහන කවදාවත් වෙලාවට නඩත්තු කරපුවාත් නෙවෙයි, ඉතින් දැන් පවතින මිලට මේවා ගන්න නම් මොලේ අමාරුවක් තියෙන්න ඕනෑ. මොකද ඔය වාහන ආපහු අලුත්වැඩියා කරලා සුඛෝපභෝගි බද්ද ආදිය ගෙවලා ඉවර වෙනකොට වෙනත් හොඳ වාහනයක් ගන්න වියදම වියදන් කරලා ඉවරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27170 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10877 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 631 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 844 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site