IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෞතුක වස්තූන් සංරක්ෂණය කිරීම, කෞතුක වස්තූන් සම්බන්ධයෙන් වන වැරදි සඳහා දඬුවම් නිශ්චය කිරීම, කෞතුක භාණ්ඩ එක් රැස් කිරීමේ කාර්යයේදී භාණ්ඩ වර්ග කිරීමේ නිර්ණායක හඳුන්වා දීම, නව කෞතුකාගාර ඇති කිරීම, පවතින කෞතුකාගාර නියාමනය කිරීම, කෞතුකාගාර විෂය පථය පුළුල් කිරීම සහ පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම යන අරමුණු සහිතව දැනට බලපවත්නා 1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, එකී ආඥාපනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය තාක්ෂණික තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම්ව ජාතික කෞතුකාගාර පනත සංශෝධනය කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site