
(අංජුල මහික වීරරත්න)
ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෞතුක වස්තූන් සංරක්ෂණය කිරීම, කෞතුක වස්තූන් සම්බන්ධයෙන් වන වැරදි සඳහා දඬුවම් නිශ්චය කිරීම, කෞතුක භාණ්ඩ එක් රැස් කිරීමේ කාර්යයේදී භාණ්ඩ වර්ග කිරීමේ නිර්ණායක හඳුන්වා දීම, නව කෞතුකාගාර ඇති කිරීම, පවතින කෞතුකාගාර නියාමනය කිරීම, කෞතුකාගාර විෂය පථය පුළුල් කිරීම සහ පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම යන අරමුණු සහිතව දැනට බලපවත්නා 1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, එකී ආඥාපනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය තාක්ෂණික තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම්ව ජාතික කෞතුකාගාර පනත සංශෝධනය කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd