(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හතලිස්පන්ලක්‍ෂ අනූහත්දහස් හයසියඅටක් (4,597,608) නැවත මුද්‍රණය කිරීමට සිදුවූ බවත් රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.
පළාත් පාලන ආයතන 102 ක තැපැල් ඡන්ද පත්‍රිකා සම්පූර්ණයෙන්ම නැවත මුද්‍රණය කිරීමට සිදුවූ බවත් පළාත් පාලන ආයතන 71 ක සාමාන්‍ය ඡන්ද පත්‍රිකා ද සම්පූර්ණයෙන්ම නැවත මුද්‍රණය කිරීමට සිදුවූ බවත් ඒ මහතා කීය.
සියලුම ඡන්ද පත්‍රිකා පසුගිය 26 වැනිදා වන විට මුද්‍රණය අවසන් කර අද (28) වන විට මැතිවරණ ලේකම් කාර්යාලය හරහා දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලවලට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි