
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ කොමිෂන් සභාව අවසරදී ඇත.
මේ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන පැරණි හෝ නව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රජයේ විශ්‍රාමිකයන්ට නිකුත් කර ඇති හැඳුනුම්පත, වැඩිහිටි හැදුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පූජක සහ පූජ්‍ය පක්ෂයට නිකුත් කර ඇති හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීමට පෙර දෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව ආබාධිතයන්ට දෙන තාවකාලික හැඳුනුම්පත, කිසිම හැඳුනුම්පතක් හෝ ලේඛනයක් නොමැති අයට මැතිවරණ කොමිෂන් සභාව ලබාදෙන තාවකාලික හැඳුනුම්පත සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෑතකදී
නිකුත් කළ ඡායාරූපය සහිත හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට වලංගු වන එම ලේඛන දහය වේ.
කාර්යාල විසින් නිකුත් කෙරෙන හැඳුනුම්පත් සහ හැදුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රවල පිටපත් ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනන්‍යතාවය තහවුරු කල පසු ඇඟිලි පාට කිරීම අවශ්‍ය ද? එය නැති කිරීමෙන් වියදම් ද කපා හැරීමද හැකිය.