(රෝෂන් තුෂාර)
ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඌව පළාත් සභාවේ ස්ථාවර ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයක් අනුව ඇප අවලංගු විය යුතු බවට අල්ලස් කොමිසම කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.ෙප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර සිටියේ ඇප අවලංගු කිරීමට තරම් වන කාරුණක් පැමිණිල්ල මගින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පලාත ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කර සමයේ රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පලාත් සභාවේ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩු වීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චාමර සම්පත්ගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි
Sameera Friday, 16 May 2025 01:43 PM
ඇයි මිනිසුන්ව මෙහෙම හිරේ දාලා ආණ්ඩුවේ වියදමින් නඩත්තු කරන්න දඟලන්නේ? මොකක්ද මේ විකාර රාජ්‍ය ආයතන? මිනිස්සු අල්ලස් ගන්නේ ඇයි කියලා පසුවිපරම් කරන්න...