
(අංජුල මහික වීරරත්න)
චීනයේ නිංෂි හුයි ස්වයංපාලිත ප්‍රාන්තයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර තරුණ මිත්‍රත්ව කඳවුර සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ තරුණියන් පස් දෙනෙකු සහභාගී වීමට නියමිත බව තරුණ කටයුතු අමාත්‍යාංශය කියයි.
එම තරුණ තරුණියන් සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
අගෝස්තු පස්වෙනිදා සිට දහවෙනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාවේ සෞන්දර්ය අංශයෙන් හා විදේශ සංචිතයෙන් තරුණ තරුණියන් තෝරා ගෙන ඇත.
ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් මෙලෙස තරුණ කඳවුරක් සඳහා චීනයට යන්නේ වසර තුනකට පසුව බව තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ පෙර පැවති ක්‍රමවේදයන් වෙනස් කරමින් වඩාත් විනිවිදභාවයෙන් තරුණ තරුණියන් තෝරා ගැනීම සිදු කළ බවයි. මෙවැනි වැඩසටහන් සඳහා සහභාගී වන තරුණ තරුණියන් එම අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
මෙම කඳවුර සඳහා සහභාගී වන තරුණ තරුණියන්ට සුබ පැතීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන තරුණ කඳවුරට අපෙන් පහක් යති