(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ආරවුලක් මත කොටහේන ආමර්බාබර් හන්දිය අසලදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇළක දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාල සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු වන අතර ඉකුත් සැප්තැම්බර් මස 28 වැනි දින සිට ඊයේ (9) දා දක්වා අතුරුදන්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
ඒ අනුව පොලිසිය කළ විමර්ශනවලදී ආමර්බාබර් හන්දිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ඝාතනයට ලක්වූ පුද්ගලයා මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව කළ විමර්ශනවලදී එම පුද්ගලයාගේ සිරුර ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඇළක තිබී ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සොයාගෙන තිබුණි. ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහය ඔහුගේ මව විසින් හදුනාගනු ලැබුවාය.
එසේ ඝාතනය කර ඇත්තේ කොළඹ 13, ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි දාස් විල්ලවරයාන් නැමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඝාතනයක් සම්බන්ධයෙන් අයෙක් අල්ලයි