
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව කළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩුබායි හි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ මාසික මුදලක් මෙලෙස වැරදීමකින් වෙනත් බැංකුවකට යොමු කර ඇති බවයි.
මෙම ගෙවීම් එමිරේට්ස් එන්.බී.ඩී (Emirates NBD) බැංකු ගිණුමට සිදුකළ යුතුව තිබුණ ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව අදාළ මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ (Abu Dhabi Islamic Bank) ගිණුමකට බැර කර ඇති බවද ජයසේකර මහතා පැවසීය.
මෙලෙස වැරදි ගිණුමට යොමු කර ඇති මුදල ඩිරාම් 974,500ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අටකට (මිලියන 80කට) අධික ප්රමාණයකි.
වෙනත් බැංකු ගිණුමකට යොමු වූ මෙම මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. රජය මැදිහත් වී මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව වහාම පරීක්ෂා කළ යුතු බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් අපේ සල්ලි ගියේ අපි දන්න දන්නා අයගේ ගිණුම්වලට. ඒවා කවදාවත් රස්සාවක් නොකරපු අයව ප්‍රකෝටිපතියෝ කෙරුවා.
ලංකාවේ දේශපාලන බලය නැතිව හොරකම් කරන අලුත්ම ක්‍රමය තමයි මේ... කලින් පවතී මාෆියා ක්‍රමය ගැන හොඳින් දන්නා, තක්කඩි රැල සියල්ල සිදුවූ පසු රටට හෙළි කරනවා... මේ සියල්ල දෙස විපරිතව උඩ බලාගෙන සිටින ආණ්ඩුවේ අම්බරු රැල දෙවියන්ට කන්නලව් කරනවා හැර වෙනත් යමක් නම් කරන බවක් නොපෙනේ.. නුඹලාට මේ හොරකම් වලට විසඳුමක් දෙන්න බැරිනම්, ජාත්‍යන්තර සහය ලබා විසදුමක් ලබා ගන්නවා හැර නැවතත්, අර හොර නඩයට හිතු සේ සොරකා නැවතත්, දේශපාලන බලය ලබා දීමටද මේ කල්මරන්නේ...වහාම සුදුසු පියවරක් ගනිල්ලා උද්දච්ජ මෝඩයිනේ...
තමුනුත් කොනක ඉන්නවද සැකයි. එහෙට මෙහෙට පැන පැන සදහටම බලයේ ඉන්ඩ හදපු, ආත්මාර්ථකාමී අවස්තාවාදී බලලෝබී බඩගෝස්තරවාදියා. තමුන්ගේ කියුම් කෙරුම් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලලා බනින මෝඩ හැත්තට තාම තේරිලා නැහැ, එහෙම නැත්නම් කපටිකමවත්ද?