
(සුජිත් හේවාජුලිගේ )
ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අපේ ගමේ ගොවීන් දෙදෙනෙක් වී විකුණා වෑන් එකක් සහ ටැක්ටරයක් ගත් බවද ඔහු සඳහන් කළේය
පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බවද ඔහු කීවේය.
ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගැන මොනවා කියනවද? දැන් ගොවියෝ යන්නේ විට්ස් කාර්වල. ලක්ෂ 12 ට මාලිමා ආණ්ඩුවෙන් විට්ස් කාර් ගෙනත් දුන්නානේ...!
මෙයා මේ කියන්නේ මොන රට ගැනද තේරෙන්නේ නෑ. වී වලට හම්බුනා පට්ට මිලක්. ඒක ගොවියාට දරාගන්න බැරිකමට සතුට නිසාම ඒ වී මිල දිපු ඔහේලාගේ දෙමාපියන් ඇතුළු හත්මුතු පරම්පරාවම සිහිපත් කරනවා. බඩු මිල කොගේද අඩුවට තිබ්බේ? අවුරුද්දේ ඕනෑම කරනාල, අල ලූනු, වම්බටු, මිරිස් ඇතුලු සියලුම එලවලු මෑත වසර කීපයක් තිස්සේ දැක්ක ඉහළම මිල. බිත්තරේ රුපියල් 45ට ගියා. මාලු ගිනි ගණන්. එක්කෝ ඇමැතිට ඩිමෙන්ශියාද? කෝමා තත්ත්වයක් තිබ්බාද? ඒත් නැත්නම් මොලේ කොලොප්පම් වෙලාද?
ඔව්නේ. මෙයාලා කරපු මැජික්...!
හා හා... ලොක්කටම හරියන සොක්කෝ..!
අපේ ගමෙත් හිටියා බුරම්පි කියලා මනුස්සයෙක්... මිනිහා හැමදාම හවසට ගංජා සුරුට්ටුවක් බොනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ගල්පැලෙන බොරු කියනවා.
අම්මෝ කොහෙද මෙච්චර කල් හිටියේ...!
ආණ්ඩුවට නොවෙයි පුද්ගලික වී මෝල් හිමියන්ට පිං සිද්ධ වෙන්න! පසු ගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ගොවි ජනතාව ජයටම අවුරුදු සැමරූ බව කිව්වත් ඒ විතරක්ද? වී මෝල් හිමියන්ටත් මේ කන්නයම සරුයි. ආණ්ඩුවේ නොමඳ සහයෝගයෙන් වී මෝල් හිමියනුත් ගොඩ ගිය බව අමතක නොකළ යුතුයි...
මුං ට මාන්දමද??
අවුරුදු කෑම කෙසේ වෙතත් අවුරුදු අපිව කෑවා මහත්තයා. මේ අවුරුද්දේ අප දැනටමත් ණය වෙලා ඉවරයි, ණය ගෙවාගන්න බැරි තරමට බංකොලොත්.
වෑන් එකයි ට්‍රැක්ටරයයි, ගත්තු මාලුමාමලා අවුරුදු කන්න ඇති අනෙක් අයට නම් අවුරුදු නැහැ. හිටපු ඇමැති රවි 15 වෙනිදා නිවාඩුවක් දෙන්න කිව්වා. ඒකවත් දුන්නේම නැහැ.. ඉතින් හරියට අවුරුදු සමරන්න බැරිවුණා.. මෙයා විකාර කරනවා කියලා තමයි කියන්න වෙන්නේ...!
හිටගෙනද?
ඔය මම පහුගිය මාස 6යේ හාල්, පොල් ගන්න උකස්කරපු වෑන් එකයි, ට්‍රැක්ටරයයි !