IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගංවතුර අස්සේ ගෑස් සගවලා

(රංජිත් රාජපක්ෂ)

පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙළෙන්දෙකු සතුව ප්‍රමාණවත් තොග තිබියදීත්, ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය නිලධාරීන් විසින් හැටන් දික්ඔය නගරයේ හදිසි වැටලීමක් ඊයේ (01) දින සිදුකරන ලදී.

එහිදී කෘතිම හිඟයක් ඇතිකිරීමේ අරමුණින් ගෑස් තොග සඟවා තිබු වෙළෙඳ ආයතනයක සිදු කල වැටලීමේදි 12.5kg සිලින්ඩර – 36ක්, 5kg සිලින්ඩර- 01ක් සහ 2.5kg සිලින්ඩර – 20 ක් අලෙවිසැලේ තිබී සොයාගන තිබේ.

පාරිභෝගිකයින් අත්‍යවශ්‍ය LP ගෑස් ලබාගැනීමට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අවස්ථාවක සගවා තිබු මෙම ගෑස් තොගය අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගැණින.

හදිසි තත්ත්වය සහ මහජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, සගවා තිබු සම්පූර්ණ ගෑස් තොගයම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයින්ට එම අවස්ථාවේම අලෙවි කිරීමට කටයුතු කරන ලදි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම යටතේ අධිකාරියේ විසින් මෙම වෙළෙන්දාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.



අදහස් (1)

ගංවතුර අස්සේ ගෑස් සගවලා

Bunny Preena Tuesday, 02 December 2025 02:37 PM

අධිකරණය මගින් උපරිම දඩයක් සහ සිර දඩුවමක් මෙම දුෂ්ඨ අවස්ථාවාදී වෙළෙන්දාට නියම කළ යුතුයි. හොර වැඩ කරන්න බලාගෙන ඉන්න අනෙක් අයටත් පාඩමක් ​ඉගෙන ගත්තත් එක්ක.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 174 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 370 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site