
(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුල සඟවා එය ගාල්ල බන්ධනාගාරය තුලට අද(07) සවස විසි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු බන්ධනාගාරයේ තාප්පයට උඩින් ටෙනිස් පන්දුවක් විසි කරනු දුටු එම අවස්ථාවේ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර නියාමකවරයා පන්දුව සොයාගෙන පරීක්ෂා කිරිමේ දී එහි තුළ තිබී මිලිග්‍රෑම් 50ක් බර අයිස් කුඩා පැකට් 10ක් ද හෙරොයින් මිලි ග්‍රැම් 20කුඩා පැකට් දෙකක් සහ දුම්කොල කැබලි කිහිපයක් ද සොයාගෙන ඇත.
මෙම පන්දුව බන්ධනාගාරය තුලට විසි කරන ලද පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd