
(ගයාන් සූරියආරච්චි)
මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතාගේ දෙවන ග්‍රන්ථය වන "ක්‍රිෂාන්තිගේ අඩි පාරේ" කෘතිය එළිදැක්වීමේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුගෝස් ලෝවියාවේ පැමිණිලි මෙහෙයවන නිලධාරිනී සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අධි නීතිඥ ප්‍රශාන්ති මහින්දරත්න මහත්මිය මෙසේ කීවාය.
යුද අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ යුක්තිය පසිඳලීම සිදු නොකළහොත් එය ජාත්‍යන්තර මට්ටමේ වෙනත් කණ්ඩායමක් විසින් ඉදිරියේදී ඉටු කළ හැකියි.
කුමන ජාතියක හෝ කුමන ආගමකට අයත් යම් පුද්ගලයකු කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර යුක්තිය පසිඳලීම ආණ්ඩුවක ව්‍යවස්ථාපිත වගකීමක්.
එම උත්සවය ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ සහ උපදේශක කර්තෘ සිරි රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
දශක දෙකකට අධික කාලයක් පුවත්පත් වාර්තාකරණයේ යෙදුණු රත්නපාල ගමගේ මහතා යුද පුවත්පත් වාර්තාකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර යුද සමයේ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් පිරිසකට එකල චෝදනා එල්ලවී තිබුණි. මෙම ග්‍රන්ථය තුළින් එම දැරිය සම්බන්ධ කතා පුවත සහ යුද්ධය පිළිබදව තොරතුරු අනාවරණය කර ඇත.
එම අවස්ථාවට පුවත්පත් කර්තෘවරුන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක් වූහ.
(ඡායා ළහිරු හර්ෂණ)




2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගමගේ ගේ ’’ක්‍රිෂාන්තිගේ අඩි පාරේ’’ දොරට වඩී