(රෝෂන් තුෂාර)
එල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත් අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
කාරියක් පෙරමාල් රමේෂ්, ඇන්තනී ප්‍රනාන්දු වික්‍රම සහ මොහොමඩ් රාසික් යන සැකකරුවන් මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි .
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය 21වෙනි දින කිරිබත්ගොඩ පොලිස් වසමේදී T56 ගිනිඅවියක්, පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක් සමගඅත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
අදාල ගිනි අවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගිනි අවි සඟවා ගත් තිදෙනා රඳවා ගන්න නියෝග