
(ඉන්දිකා රාමනායක)
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
2024.05.15 දින මෙම සිද්ධිය සිදුව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් වසරක් පුරා විමර්ශන පවත්වා ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd