IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගින්නකින් පොලිතීන් කර්මාන්ත ශාලාව අළුවෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

නවගමුව දැඩිගමුව  ජය මාවතේ පිහිටි පොලිතින් නිෂ්පාදන  කර්මාන්ත ශාලාවක ඊයේ  (28) දා  රාත්‍රී ඇතිවූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

ගින්න පාලනය කිරීම සදහා කෝට්ටේ ගිනි නිවන ඒකකය‍ෙ භටයින් අට දෙනෙකු  සමග ගිනි නිවන රථ දෙකක් ,පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පැය තුනක පමණ මෙහෙයුමකින්  ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව පොලිසිය කියයි.

ගින්නෙන් පොලිතින් නිෂ්පාදන කර්මාන්ත  ශාලාවේ ගබඩාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.

ගිනි නිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් එම ගින්න නිවීමට යාමේදී  එහි සිටි එක් පුද්ගලයකුගේ පාදයට පිළිස්සුම් තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකර්ම සඳහා හෝමාගම රෝහලට  ඇතුළත් කර තිබේ

 



අදහස් (1)

ගින්නකින් පොලිතීන් කර්මාන්ත ශාලාව අළුවෙයි

Nandalal DE SILVA - France Saturday, 30 August 2025 03:06 PM

ඒකට කමක් නැහැ. දැන් පොලිතීන් භාවිතය තහනම් නිසා, ගබඩා කර තිබෙන තොග වුණත් විනාශ කරන්න ඕනෑ නේ... මෙහෙම හරි ඔය ටික භාවිතයෙන් ඉවත් කිරීම ගැන අපි පින් දෙන්න ඕනෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site