(ටී.කේ.ජී.කපිල )
ලෝකයේ ජනප්රිය ශ්රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම් , භාවිතා කරමින් , කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ එරට වැසියෙකු අද(31 ) කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 46 හැවිරිදි වියේ පසුවන , මෙරට තුළ සංචාරයේ නිරත වූ චීන ජාතිකයෙකි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ , කැබළි ලෙස සකස් කර , ශ්රී ලංකා තේ සන්නාමය සහිත ඇසුරුම් තුළ , මෙම කොතළ හිඹුටු කිලෝ ග්රෑම් 21 ක ප්රමාණය අසුරා සගවා ගෙන තිබුණි .
ශ්රී ලංකාවේ ක්රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධ්විධාන යටතේ , කොතළ හිඹුටු ශ්රී ලංකාවෙන් පිටතට රැගෙන යා නොහැකි ආරක්ෂිත ශාක විශේෂයකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චීන්නු මාර කපටි. සල්ලිවලට ඕන දෙයක් කරයි.
බෙහෙත් වලට ගන්න වෙන්න ඇති...
විදේශිකයොත් ලංකාවේ මාර ගේමක්නේ ගහන්නේ. කොතල හිඹුටු කියන්නේ ලංකාවේ වටිනාතම ශාකයක්...
ඒ වුණාට විදේශ විනිමය ලබන්න නම් නිසි අපනයන ක්රමවේද සකස් කළ යුතුයි.
නිසි ක්රමවේද යටතේ නිවැරැදිව රට යවන්න පුළුවන් නම් හරි. අද රටේ, ලෝකයේ ජාවාරම් නම් කොච්චර වෙනවද?
ලංකාවේ දේශපාලකයන් කරලා තියෙන දේවල් හැටියට මේවා මොනවද?