(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ජාත්‍යන්තර   රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ හේවා පේඩිගේ  දිනූශ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනුෂ්නමැති  සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව පැය 72 ක කාලයකට රැඳයුම්  නියෝග ලබාගත්  බව කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කරයි

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ අනුමැතියෙන් එම රැඳවුම් නියෝග ලබාගෙන ඇත 

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග නොවන නඩුවකට අදාළව විවෘත වරෙන්තු ප්‍රකාරව එම ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබිණි