
(අංජුල මහික වීරරත්න)
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂය මූලස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් පින්කම ඊයේ(24) පැවැත්විණි.
අද(25) මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ ඇතුළු පක්ෂයේ නායකයෝද පාක්ෂිකයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු රටට සෙත් පැතීම මෙම පින්කමේ අරමුණ විය. මේ අතර පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය නවීකරණය කිරීමේ ශ්‍රමදානයක් ඊයෙ (24) උදෑසන සිදු කෙරුණු අතර එදින පස්වරුවේ දුන් තෙල් බත් දන්සලක් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ සිරිකොත නව කල එළියකින් නව ගමනක් අරඹන බවයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනෑෂ්, අවශ්‍යම වෙනස නොකර වැඩක් තියෙනවද?
එකම දේ එකම විදියට නැවත නැවතත් කරමින් වෙනසක් බලාපොරොත්තු වෙන අතිශයින්ම බුද්ධිමත් පිරිසක් එක තැනක දැකිය හැකිවූ එක් සොඳුරු අවස්ථාවක්...
දේදුන්නේ පාට වටේටම තියෙන්නේ... මොකක්ද මේකෙන් කියැවෙන්නේ? හයේ පොත වගේ එකක්ද..?
ඔය නව ගමනත් කඳවුරු වෙත යන ගමනක්ද? මේ අය බලය ගත්තු හැමවෙලේම ලේ ගංගා ගලා යන්න සලස්වලා ජාතිය ගොඩනැගුවා...
නව ගමනක් කියන්නේ..? බොරැල්ල කනත්තටද කෝට්ටේ කනත්තටද..? ආයිත් මළ මිනීවලට පණ දෙන්න බැහැනේ...