රෝෂන් තුෂාර

රුපියල් කෝටි 450කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ 294 යි ග්‍රෑම් 796 ක් ආනයනය හා සන්තකයේ තබාගත්තේ යැයි දකුණ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා දෙකෙහි ධීවරයින් 11 දෙනා දින 7 ක් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

දෙවිඳු 01 සහ චූටිපුතා නමැති බහුදින ධීවර යාත්‍රා දෙකෙහි මත්ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් පසුගිය 23වෙනි දින අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය කාර්යාංශය කරුණු දක්වමින් කියා සිටියේ දකුණු වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.