(ෂේන් සෙනෙවිරත්න)

උතුම් බුද්ධ චීවරය අවභාවිතාකරමින් භික්ෂු සාසනයත් ශ්‍රී ලංකේය ඓතිහාසික භික්‍ෂු භූමිකාවත් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්‍ෂු ප්‍රතිරූපකයන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදුකරන ලද ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව හෙලා දකිමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහ නායකා  මහ නාහිමියන්ද  වර්කාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක  මහනාහිමියන් ද, කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක  හිමියන්ද මකුලාවේ ශ්‍රී විමල බුද්ධි  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක  මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ මෙසේ සඳහන්ය.