IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු

(අමිල සම්පත් ශ්‍රී,චන්ද්‍රසේන ගමගේ සහ ගයාන් සූරියආරච්චි)

තිස්සමහාරාම අඳගලවැල්ල ප්‍රදේශයේ මුහුදේ සිට වෙරළට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අද අලූයම එකයි තිහට පමණ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාස ඒකකය කියයි.

ගැඹුරු මුහුදේ සිට බහුතර යාත්‍රාවකින් රැගෙන මත්ද්‍රව්‍ය කුඩා බෝට්ටුවකට මාරු කර එම යාත්‍රාව මගින් අඳගල වැල්ල ප්‍රදේශයේ වෙරළට කඹයක ආධාරයෙන් පාවෙනසේ දමා ගොස් තිබූ අතර එය සැකකරුවන් විසින් ගොඩබිමට රැගෙන එන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි මත්ද්‍රව්‍ය පුරවන ලද කිලෝ පනහේ පොහොර කවර 19 තිබූ තිබූ අතර මත්ද්‍රව්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 400කට ආසන්න ප්‍රමාණයක් ඇතැයි පොලිසිය කියයි.

ගැටගසා තිබූ මත්ද්‍රව්‍යය සැකකරුවන් සමග පොලිසියට රැගෙන ආ බව පොලිසිය කීය.

මෙම වැටලීමේදී සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි රථ වාහන හයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය මහා ටැක්ටරයක් ආදාරයෙන් අඳගල වැල්ලේ සිට කිරිඳ පොලිසියට රැගෙන ගියේය.

මත්ද්‍රව්‍ය රැගෙන යාමට ආ සැකකරුවන් හික්කඩුව සහ කඩුවිල රන්න ප්‍රදේශවල පදිංචි අයවරුන් බව පොලිසිය කියයි.

(ඡායා අමිල සම්පත් ශ්‍රී)

 

 

-------------------------------------------------

තිස්සමහාරාම කිරින්දෙන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

පෙරවරු 6.44

(චන්ද්‍රසේන ගමගේ)

මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 18 ක් පමණ තිස්සමහාරාම කිරින්ද නිදන්ගල ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔවුන් විසින් වැඩිදුණු විමර්ශන ආරම්භ කොට තිබේ.

 



අදහස් (4)

කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු

දෙහිබාලේ ගම්බට්ටා Wednesday, 12 November 2025 07:38 AM

මේක කරගෙන යන්න මුං දෙන්නෑ.

:       8       31

අන්_ර Wednesday, 12 November 2025 10:23 AM

යකෝ උඹලට කුඩු කන්ටේනර් සිය ගණනක් පන්නල දීලත් තව මදිද?

:       54       13

සෙනෙවිරත්න Wednesday, 12 November 2025 02:50 PM

බල්ලො බුරනවා මේ මෙහෙයුමට එරෙහිව ඒකනේ මෙතන කන්ටෙනර් කතාව කියන්නෙ, ඒකෙ ඇත්ත සජිත්ගෙ ශ්‍රී මුඛයෙන්ම කිව්වොත් පිළිගන්න හරක් ඉන්නවා.

:       0       1

සෙනෙවිරත්න Wednesday, 12 November 2025 02:52 PM

දැන් ජාවාරම් කාරයන්ට එකදිගටම පාඩු නිසා මුන්ට වෙන්නෙ වහ කන්න. ඔහොම යං මුන්ට මේක නතරකරන්නම වෙනව, එදාට රට කිරිබත්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1718 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site