( රංජිත් රාජපක්ෂ   )         

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තව දුරක් පහළ බසිමින් පවතින ඇති බව එම ජලාශභාර ඉංජිනේරු කියති.

කාසල්රි ජලාශයේ ජල මට්ටම  අද (16) දින උදෑසන 6:00 වන විට පිටාර මට්ටමමේ සිට අඩි 43.7 දක්වා පහළ බැස ඇති බවත්, එම ජල පෝෂක ප්‍රදේශවලට (15) දින මිලි මීටර් 48ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත් කියයි.

 මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම (16) දින උදෑසන 6:00 වන විට, පිටාර මට්ටමමේ සිට අඩි 49.10ක් පහළ බැස ඇති බවත්, එම ජල පෝෂක ප්‍රදේශවලට (15) දින මිලි මීටර් 9ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද එම ජලාශභාර ඉංජිනේරුවරුන් කියා සිටියේය.

එම ජලාශ දෙකේම ජල මට්ටම අඩු වීම නිසා ජලාශය ඉදි කිරිමෙදි යට වූ නටඹුන් රැසක් මේ වන විට මේ වන විට මතුවෙමින් පවතින අතර, කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළ බෑසීම හේතුවෙන් එම ජලාශයේ දික්ඔය ඇළ කලාපයේ දුපතක් මතුවීම හේතුවෙන් එම දුපත ප්‍රදේශවාසීන් විසින් සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමග මේ දිනවල ක්‍රිකට් තරගාවලි පැවැත්වීම සදහා තෝරාගෙන ක්‍රිඩාකරමින් සිටින අයුරු දැකිය හැක.