(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් "Walk For Peace'' සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු භික්ෂූන්වහන්සේගේ සහභාගීත්වයෙන් මෙම සාම පා ගමන පැවැත්වේ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද මෙම පාගමනේ වැඩමවීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම සාම පාගමන සඳහා සහාය දක්වයි.

පාගමක අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ සාම්ප්‍රදායික ශිල්ප හා කලා විශේෂාංග ද ජනගත කිරීමට ද අපේක්ෂිතය.

මෙම සාම පා ගමන ඒහිපස්සිකෝ ලෙස නම් කර තිබේ.