(අංජුල මහික වීරරත්න)

අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු'යි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලය හමුවේ පැවසීය.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්ය මණ්ඩලය සමඟ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමකට ජනාධිපති කාර්යාලයේදී අද(16) එක් වෙමිනි. 

ජනාධිපති ලේකම්වරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත විය.

අනතුරුව, කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වැඩිදුරටත් පෙන්වා  ගිය වසරේ අතපසුවීම් සහ අඩුපාඩු මගහරවා ගනිමින් අලුත්වන ජීවිත සහ අලුත් ආකල්ප සමඟ ඉදිරියට යාමට අලුත් අවුරුද්ද අගනා අවස්ථාවක් බවයි.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩර, රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.