(ගයාන් සූරියආරච්චි)
අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ අද බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
මියගිය ක්ලබ් වසන්ත නැමැත්තා සුඛෝපභෝගී ජීවිත ගත කරන වීඩියෝ පට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද ඔහුගේ ව්‍යාපාර බංකොලොත්වී රටටම ණය වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මෙහෙම කීවට ඔක්කොම ඇමතිවරු තමයි හිටියේ
ක්ලබ් වසන්තයියා සල්ලි පිරිසිදු කරන දාර ලොන්ඩරියක් වගේම කලේ නොමනා ව්‍යාපාර සහ වැඩ. මොහු මිලානෝ වලටත් ඇවිල්ලා ලොකු ෂෝ එකක් දැම්මා. මොන්සා අලියෙක් ලොකු පාටියක් දුන්නා. ඒකෙ හිටියේ මිලානෝ ඉන්න අපතම සෙට් එක. ඒඒ කෙසල් වලට ඒඒ බනිස් වගේ.
මූ වගේ කාලකන්නියෙක්. රටේ දේශපාලුවන්ගේ තත්වේ තමා ඔය වගේ ගොන් කතා වලින් ලෝකෙට පෙන්නන්නේ.
ඝාතකයන් හොයන එක පැත්තකට තියලා පොලිස් ඇමතියා ක්ලබ් වසන්තගේ දේපොල හොයන්න පටන් අරන්.
ඔයා මොන වගේ ඇමැති කෙනෙක්ද? කොහොද ඔයාගේ මනුස්සකම .. මිනිමරුවන් නිතිය ඉදිරියට ගෙන්න
ඒ කියන්නේ මෙයාගේ සල්ලි වලට කවුරු හරි විදින්න හදන්නේ
උගේ සබ්බසකලමනාවම යුක්තියේ මෙහෙයුම නාමයෙන් සූරාගෙන අන්තිමේට මරලා දාපු සිද්ධියක් වගේ මටනම් පෙනෙන්නේ
ඔය කතාව ටිරාන් අලස් කියන්න ඕනා නැහැ. ඒ ගැන කවුද නොදන්නේ ? කොටියට කප්පම් ගෙනිච්ච පින්ගුත්තර ත්‍රස්තවාදියා ඔහේ කියවනවා, පුලුවන්නම් ක්ලබ් වසන්තට වෙඩි තියපු දෙන්නාව හොයලා ගන්නවාකෝ. ඒ ගැන මිනිහා කතා නැහැ. දැන් ඉතින් ඇමතිකමේ කාලය තව මාස දෙක තුනයිනේ ..ඊට පස්සේ හිරේ. ක්ලබ් වසන්ත විතරක් නොවෙයි රටේ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙක් ණයවෙලා තමයි තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒ " සීමාව " නොදැනුවත්වම පහුකරගෙන ගිහින්..රටේ ඉහලම නමක් පරම්පරා දෙකක් රැකගෙන ආපු ව්‍යාපාරික පවුල් අද බංකොලොත්වෙලා.ඒ ණය වුන කතන්දර එලියට එන්නේ ඒ ව්‍යාපාරිකයා මියගිය පසුවයි.පුදුමවෙන්න එපා දවසක ලංකාවේ ලොකුම සල්ලිකාරයායි කියාගන්නා රතුපස්වල මිනීමරුවා මැරුණ දවසක කියයි " ඇඳගෙන හිටපු කලිසම " හැර ඔක්කොම ණයට ගත්ත ඒවා කියලා.
හොරු වෙනුවෙන් හොරු...
අනෙකාගේ පණට ගෞරව කළයුතු නොවන්නේද? සැමදෙනා විසින් ගෞරවයෙන් රැකිය යුතු තමාගේ මෙන්ම අනෙකාගේ පණ, මිය ගිය පුද්ගලයාට අහිමි වී ඇත. නිකන් ම නොව සාහසික අපරාධ කරුවන් විසින් අහිමි කර ඇත. එසේ නම් ඒ අපරාධය විමර්ශනය කිරීමේව්දී මියගිය තැනැත්තා රට වටේට ණය වී ඇති බව අනාවරණය වූ පසු මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කියා සිටින්නේ මේ අපරාධයේ, රටේ ජනතාව විසින් දැන ගතයුතු ප්‍රධානම දේ එය යැයි කියාද? එය රටේ ජනතාවට දැන ගැනීමෙන් ඵලය කිම? මේ පරාදය සම්බන්ධව සොයාගත් අවශ්‍යම වූ ප්‍රධානත ම වූ සහ හොඳම සොයා ගැනීම එය නිසාද? පණ ආරක්ෂා කර දීමේ ප්‍රධාන වගකීම රජය සතුයි. මියගිය පුද්ගලයාගේ පණ රැක දී ගත නොහී, ඔහු මියගිය පසු මිය ගිය පුද්ගලයා “මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බව” කීම ඔහුගේ පණට කළ නිගාවක් නොවන්නේද? ණය වී ඇති නම් අතේ සතේ නැති නම් මිය ගියාට කමක් නෑ කියන්නා සේය. මියගිය තැනැත්තාට එසේ නම් ජීවත්ව සිටින පුද්ගලයින්ටද එය එසේ ම යැයි කියා අපට නො සිතා සිටීම නොහැක.
යුක්තිය මෙහෙයුම නමට විතරයි තාම වසන්තට වෙඩිතියපු එකෙක්වත් ඇල්ලුවේ නෑ ටැටූ කඩේ එකා හිරේ යයි අන්තිමට එයා වෙඩි තිබ්බේ කියලා. ඔක්කෝම දේශපාලන සම්බන්ධකම් තියෙන්න පුළුවන්. තව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්වත් මහා දවල් මැරුවා යුක්තිය මික් නෑ. ඔයිට වඩා හොඳයි අර රන්ජන් රාමනායකගේ වන්ෂෝට් වන් චිත්‍රපටිය...
මැරුණු මිනිහාගේ ණය ගැන කියලා වැඩේ අහවර කරන්න බැහැ. ඒ පවුලේ අයට යුක්තිය ඉටු විය යුතුයි...
මහජනයාට විවිධ ප්‍රචාර සිදු කිරීමෙන් වැළකි ඝාතකයා සොයා ගන්න හලෝ
අපිට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතේ වැඩක් නෑ. වගකිවයුතු ඇමැති කෙනෙක් හැටියට ඒවා සොයා නොබලා ප්‍රසිද්ධියේ කීම හරිම වැරැදියි. අනුන්ගේ ඒවා හොයන්නේ නැතිව. යුක්තිය විසඳලා දෙන්න ඒ පවුලට. නිකන් වාචාල කමින් දොඩවන්නේ නැතිව...!
ඊළඟ ආණ්ඩුවකින් වත්කම් හොයන්න ඕන උන්ගේ පළවෙනි එකෙක් තමයි මෙයා.. ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්නා
ප්‍රශ්නය ඔහුව මැරුවේ කවුද කියලා හොයන එක.. කියන එකා ජාතියටම ණයයි.. තඩි හොරෙක්... අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා. තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ කියලා කථාවක් තියෙනවා...
වසන්තය නිය වෙච්ච රෙද්දවල් අපිට වැඩක් නෑ... එයාට වෙඩි තියපු කෙනා හොයන්න.
ඒ මනුස්සයා රටටම ණය වෙලා නම්, ඒක, ඒ ණයකාරයෝ බලා ගනීවි...අපිට මොකටද අනුන්ගේ පැටිකිරියවල්... නමුත්, ආයුධ දෙකකුත් අරගෙන ඇවිත්, මහා දවාලේ වෙඩි තියලා ගිය මිනීමරුවන්ව අල්ලන්න තවමත් සිරි ලංකා පොලිසියට බැරිවෙලා...අර ආයුධ දෙකෙන් තව කීදෙනෙකුට වෙඩි තියයිද දන්නේ නැහැ.... කැළෑ පත්තර කාරයොත් පළකරන්නේ අවශ්‍ය දේ නෙවයි... අනුන්ගේ ඕපාදුප.... නොදකින් මෙහෙමත් අබිලිංලා ...